mooniak / abhaya-libre-font

Abhaya Libre is a text typeface designed for trilingual communications in Sinhala, Tamil and English.
http://mooniak.com/abhaya-libre-font
SIL Open Font License 1.1
48 stars 12 forks source link

Comment from Sinhala Unicode list #45

Closed pathumego closed 7 years ago

pathumego commented 7 years ago

A user on https://groups.google.com/forum/#!topic/sinhala-unicode/dELc98nSVHw posted these comments about Abhaya. Posting for reference.

මට හැඟෙන පරිදි අභය ලීබ්රේ අකුර තව සංවර්ධනය විය යුතුයි.
විශේෂයෙන් එම අකුරෙහි ඉලක්කම් සහ ඉංගිරිසි අකුරු වල හැඩයන්  ඉංගිරිසි සහ සිංහල මිශ්‍රව ලිවීමේ දී ගැළපෙන්නේ නැති බවක් තමයි පේන්නේ. 
අභය ලීබ්රේ අකුරට ගැලපෙන්නේ New Time Roman වැනි Serif අකුර වල ඇති ඉලක්කම් සහ ඉංගිරීසි අකුරු බවයි මට හැඟෙන්නේ.
එහි, දැනට තිබෙන්නේ Sans Serif හැඩ තල ඇති ඉලක්කම්. සිංහල අකුරට වැඩිය එහි ඉලක්කම් සහ ඉංගිරීසි අක්‍ෂර යම් විශාලත්වයකිනුත් යුතුයි. 
සියළුම සිංහල අක්‍ෂරයන් Serif කාණ්ඩයට ගැලපෙන සේ සැකසිය යුතු යැ යි මා විශ්වාස කරනවා.
සිංහල අක්‍ෂරයන් සමඟ Sans Serif ගැලපෙන්නේ නැතැ යි යන්න මාගේ පුද්ගලික හැඟීම.
එයට හේතුව ඉහතින් මා පෙන්වා දී ඇති නොගැලපෙන බව යැ යි මා විශ්වාස කරනවා.

උදාහරණ
එක 1 (රුපියල් 100 යි) Rupees  
දෙක 2458 (රුපියල් 2,458 යි)
තුන 3.50 (රුපියල් 3.50 යි)
ඉහත සිංහල අකුරු සමඟ මිශ්‍රව ඇති ඉංගිරීසි අකුරු සහ ඉලක්කම් Serif වීම තුළ යම් ලස්සනක් එක්ව තිබෙනවා.

එයම Sans Serif ආකාරයට

එක 1 (රුපියල් 100 යි) Rupees
දෙක 2458 (රුපියල් 2,458 යි)
තුන 3.50 (රුපියල් 3.50 යි)
මෙහි යම් ලොරහැඩි බයක් දිස්වෙනවා.

මේ ගැන යම් අවධානයක් යොමුකන්නේ නම් හොඳයි.

ඔබලාට ජය 

- ධම්මක උඩවත්තගේ