mooniak / abhaya-libre-font

Abhaya Libre is a text typeface designed for trilingual communications in Sinhala, Tamil and English.
http://mooniak.com/abhaya-libre-font
SIL Open Font License 1.1
48 stars 12 forks source link

Add 'ච්ච සංයෝගය' (c.ca ligated conjunct) #58

Closed pathumego closed 3 years ago

pathumego commented 3 years ago

Implement ච්ච (c.ca) ligated conjunct used in Pali and Sanskrit texts. Have to further investigate the sources and decide on the typographic form. Sequence is 0DA0 ca, 0DCA al-lakuna, 200D ZWJ, 0DA0 ca

JanakaCB commented 3 years ago

See this, as seen in the image "සංයෝග චකාරය" is "පාලි චයන්න". The reference book is "නාමමාලා හෙවත් නාම වරනැගිල්ල" by වස්කඩුවේ සුභූති හිමි in 1876 CE.

Screenshot 2021-05-30 150724

bgliyanage commented 3 years ago

Let me give some solid evidence. These pictures are taken from some 80 years old ola-leaf book. Photo credit goes to the venerable sangha of Peliyagoda Vidyalankara Pirivena. In these pictures, someone can easily trace the words, සච්ච, and සච්චෙන. sacca saccena saccena 2

bgliyanage commented 3 years ago

With all respect, I'm here going to make a case that your term පාලි චයන්න is not a good coinage, for this ligated conjunct ච is in Sanskirt also. I suggest going with ච්ච සංයෝගය which is more meaningful for the Sinhala audience.

JanakaCB commented 3 years ago

මේ සම්බන්ධව මුද්‍රිත ලේඛන ඇසුරෙන් ලදහැකි සාක්ෂි අල්පයි. එසේම ඒවායේ සංයෝග චකාරය යැයි පෙන්වා ඇති හැඩයයන් එකිනෙකට පරස්පර බවත් එම හැඩය නිරන්තරයෙන් ඩයන්න සමඟ පටලවාගැනෙන බවත් පෙනේ. එසේම මෙම අකුර සම්බන්ධව බොහෝ විට කෙරෙන්නේ එය ලියවී ඇති සංදර්භය විමසා එය ඩයන්නද චයන්නද යන්න නිශ්චය කරගැනීම බව මේ සම්බන්ධව කෙරුණු විමර්ශනයේදී පැහැදිලිව ඒත්තු ගැන්වී තිබේ.

එහෙයින් සංයෝග චකාරයේ නියම හැඩය සොයාගැනීම උදෙසා අප යොමුවිය යුත්තේ පුස්කොළ ලේඛන වෙතයි. එහෙත් පුස්කොළ ලේඛන යනු අත්අකුරු වන නිසා එකිනෙකට වෙනස් අත්අකුරු අතර සාම්‍යයක් ගොඩනැංවිය හැකි යම් ක්‍රමවේදයක් අවශ්‍ය වේ. එම සාම්‍යය නම් සංයෝග චයන්න යන අකුර පුස්කොළයේ අතින් ලියූ සහ දැනටමත් ලියන (scribe) අය විසින් ඩයන්න, චයන්න, සහ සංයෝග චයන්න ලිවීමේදී පන්හිඳ හැසිරවීම කෙරෙහි දක්වන එකිනෙකට වෙනස් අභිමතාර්ථය කුමක්ද යන්නයි. එනම් ඔවුන්ගේ විඥානය විසින් සංයෝග ච කාරය අනෙක් අකුරුවලින් වෙනස්බව දැනටමත් දන්නා නිසා එම අකුර ලිවීමේදී පන්හිඳ හැසිරවීමට තුඩුදෙන මානසික ක්‍රියාකාරීත්වය කවර ආකාරයක් ගන්නේද යන්නයි. ඒ බව දැනගැනීම සඳහා පන්හිඳ ඇසුරු කරන, දැනටමත් පුස්කොළයේ ලියන අය කිහිප දෙනෙකුගෙන් සංයෝග චයන්න ලිවීමේදී පන්හිඳ හැසිරවීම සෑම නැම්මක් නැවතුමක් හැරීමක් පාසාම සවිස්තරව වචනයෙන් විස්තර කරන ලෙස ඉල්ලා සිටින ලදී.

එහිදී පැහැදිලි වූයේ මුල් චයන්න ලියමින් මුල් චයන්නේ පහලට යන වක්‍රයේ පහලම ලක්ෂ්‍යය පසුකර ආපසු ඉහලට හැරෙන විට දෙවන චයන්න ඊට සම්බන්ධ කිරීමට සිතන බවයි. ඒ අනුව දෙවන චයන්නේ පහලට එන වක්‍රයේ පහලම ලක්ෂ්‍යයට පෙර එහෙත් ඊට ආසන්නව පටන්ගන්නා වක්‍ර කොටස මුල් වක්‍රය හා සම්බන්ධ කර (ක්‍රමයෙන් ඉහලට ගෙන ඉදිරියට නවා) අකුර අවසන් කරන ලදී. ඒ අනුව සංයෝග චයන්න අල්පප්‍රාණ චයන්නේ හැඩයට වඩා පළලින් වැඩි හැඩයක් ගනී. තවද සංයෝග ච අකුරේ පහළ කොටසේ ඇති අල්ප චයනු අකුරු දෙක එකිනෙකට සබඳ වන තැන ඩ යන්නක මෙන් ප්‍රකටව විශද වන නැම්මක් තිබිය නොහැකිය; එසේ ප්‍රකට වන නැම්මක් යෙදීමෙන් සංයෝග චයන්න ඩයන්න සමඟ පැටලෙන්නට ඉඩ ඇති බව අකුර ලියන්නා දැනටමත් දන්නා හෙයිනි.

එහෙත් මෙම නැම්මේ ස්වරූපය එක් එක් අය විසින් එකිනෙකට වෙනස් අයුරින් පුස්කොළ පොත්වල ලේඛනගත කර ඇති බවත් නිරීක්ෂණය විය. ඒ අනුව සංයෝග ච හි නැම්ම පිළිබඳව ඒකමතික පොදු එකඟතාවයක් නොතිබුණු බවත් පැහැදිලි විය.

ලාංකීය ඉතිහාසය විමසන විට, ලේඛණ සම්ප්‍රදායෙන් මුද්‍රණ සම්ප්‍රදායට වන ආගමනයේදී සිදුවූ තාක්ෂණික වෙනස්කම් හමුවේ මුල් වටයෙන්ම භාවිතයෙන් ඉවත්වී ගිය සංයෝගාක්ෂරයක් ලෙස මෙම සංයෝග චයන්න හඳුනාගත හැකිය. එසේ මෙම අකුර භාවිතයෙන් ඉවත්වීම පිටුපස ඇති ප්‍රධානතම හේතුව මෙම අකුරේ හැඩය පිළිබඳව එවකටත් තිබුණු විසඳා නොගත් අවිනිශ්චිත බව බවට අපට පෙනීගොස් තිබේ.

විමර්ෂණයේදී ලැබුණු විස්තර විභාග කිරීමෙන් අනතුරුව සංයෝග චයන්න සඳහා අප විසින් යෝජනා කරන හැඩය මෙහි පහලින් අමුණා තිබේ.

යෝජනාව 1

Screenshot 2021-06-08 170952

JanakaCB commented 3 years ago

යෝජිත හැඩය සංසන්දනය සඳහා ච, ඩ, ඹ අකුරු හැඩ සමඟ.

Screenshot 2021-06-08 192544

pathumego commented 3 years ago

@JanakaCB ඔබේ යෝජනාව මූලික අදහසක් ලෙස මම පිලිගන්නවා. නමුත් අදහස් කීපයක් එකතු කරන්නම්.

මේ අලුත් අකුර පැරණි පොතපතේ ඇති ලෙස පදනම්ව නිමවන නමුත් අපිට සැලකිය යුතු කාරණා කීපයක් තියෙනවා;

  1. පැහැදිලිව අතින් ලිවිය හැකි සහ පහසුවෙන් විවිධ රුවකුරු වලට ගැලපෙන පරිදි සකස්කළ හැකි සැකිල්ලක් හඳුනාගත යුතුයි.
  2. අප විසින් භාවිතයට එකඟවන අකුරේ හැඩය අනෙකුත් ආසන්න අකුරු (උදා: ඩ, ඹ, ච) හැඩවලින් වෙන්ව—විශේෂයෙන්ම පුංචි අකුරු ප්‍රමාන (small text size) වලදී— පහසුවෙන් ඇසට හඳුනාගන්නට හැකිවිය යුතුයි.
  3. සිංහල මුද්‍රිත අකුරුවල ටයිපොග්‍රැෆිමය රටාවනට (typographic patterns) සහ අභය රුවකුරේ රූපමය රටාවනට (visual patterns) ගැලපෙන හැඩයන් තෝරාගත යුතුයි. අකුරක ටයිපොග්‍රැෆිමය යෙදීම, ලිවීමේ රටාවට වඩා වෙනස් වෙන්නට හැකි බව සිහියේ තබාගැනීමත් වැදගත්.

මේ කාරණා මත පදනම්ව බැලූවිට ඔබේ යෝජිත අකුර ඒ ලෙසින්ම ගත්තොතින් එය කුඩා ප්‍රමාන වලදී වෙන්කර හඳුනා ගැනීම අපහසු බව පෙනී යනවා මේ ’රැල්ල‘ පිලිබඳ අදහස ඉදිරියට ගෙනයා හැකියි. එය වඩා කැපී පෙනෙන ලෙස පෙන්විය යුතු බව සහ අතින් ලියු ’රැල්ල‘ වෙනුවට ’ටයිපොග්‍රැෆිමය රැල්ල‘ක් හඳුන්වා දියයුතු බව මගේ අදහසයි.

මේ අදහස් මත පදනම්ව මම පහත යෝජනා දෙක ඉදිරිපත් කරනවා. (@JanakaCB ගේ යෝජනාව මම යෝජනාව 1 ලෙස සලකනවා. ඉදිරිපත්කරලා තියෙන ඡේදය මැදට අහඹු ලෙස වචන කීපයක් දැම්මේ කොහොමද අකුර පෙනෙන්නේ කියල බලන්න.)


යෝජනාව 2

Screen Shot 2021-06-09 at 1 45 38 PM Screen Shot 2021-06-09 at 1 39 24 PM Screen Shot 2021-06-09 at 1 54 01 PM

යෝජනාව 3

Screen Shot 2021-06-09 at 1 44 58 PM Screen Shot 2021-06-09 at 1 40 25 PM Screen Shot 2021-06-09 at 1 55 21 PM
JanakaCB commented 3 years ago

Just for the record:

ඉහත මවිසින් යෝජනා කළ (පැතුම් අංකනය කර ඇති පරිදි "යෝජනාව 1") හි ඇති නිර්මාණය කෙරේ එළඹීමට පාදක වූ වස්කඩුවේ සුභූති හිමියන්ගේ නාමමාලා හෙවත් නාම වරනැගිල්ල (ව්‍ය.ව. 1876) ග්‍රන්ථයේ ස්කෑන් කරන ලද පිටපත් භාවිතයෙන් කරන ලද විශ්ලේෂණය මෙහි අමුණා තබමි. සංයෝග චයන්නේ ද්විවක්‍ර සන්ධිය සමඟ ස ය ඩ ඪ ද්‍ධ අකුරුවල ද්විවක්‍ර සන්ධි යෙදෙන ආකාරය එකට තබා විමසූ හැටි එහි අඩංගුව ඇත. (ඹ යන්නද අවසානයට ඇත) විශාලනය කර අකුරු එකිනෙක සසඳා බලන්න.

CCA

JanakaCB commented 3 years ago

@pathumego ඔබගේ කොමෙන්ටුවේ අංක 1, 2,3 යටතේ පෙන්වාදී ඇති කරුණු වලට එකඟයි. ඒ සියල්ල සළකා බැලූවිට මෙහි යෝජිත නිර්මාණ ආකාර තුන අතරින් යෝජනාව 2 ලෙස සඳහන් නිර්මාණය වඩාත් සුදුසු බව පෙනේ. තවද එය අපගේ මුද්‍රිත ලේඛන මූලාශ්‍රය හෙවත් නාමමාලාවෙහි ඇති ච්ච සංයෝගාක්ෂරයේ හැඩයට ඉතා ආසන්න හැඩයක් ගන්නා බවත් නිරීක්ෂණය කළ හැකිය.

JanakaCB commented 3 years ago

ච්ච සංයෝගාක්ෂරය පිළිබඳව කළ විමර්ශනයේදී හමුවූ විලේගොඩ සිරිවිමල හිමියන් විසින් රචිත 'ලක්දිව පුස්කොළ පොත්වල අක්ෂර පිළිබඳ හැඳින්වීමක්' ලිපියේ pdf පිටපත මෙහි එක්කරමි. ච්ච සංයෝගාක්ෂරය පුස්කොළ පොත්වල ලියැවී ඇති ආකාරය පිළිබඳව එහිදී කරුණු විමසා තිබේ. එම පිටපත අපවෙත ලබාදුන් ශකිල රාජකරුණා මහතාට ස්තුතිවන්ත වෙමි.

විලේගොඩ සිරිවිමල හිමි.pdf

pathumego commented 3 years ago

යෝජනාව 4

Screen Shot 2021-06-10 at 9 16 21 AM Screen Shot 2021-06-10 at 9 16 10 AM Screen Shot 2021-06-10 at 9 16 37 AM
pathumego commented 3 years ago

යෝජනාව 5

Screen Shot 2021-06-10 at 10 05 56 AM Screen Shot 2021-06-10 at 10 05 50 AM Screen Shot 2021-06-10 at 10 06 14 AM
ravincaldera commented 3 years ago

ඔබගේ කණ්ඩායම විසින් කළ “ව්ච” සංගෝගය පිළිබඳ සාකච්ඡාවට ඇහුම්කම් දුනිමි. ඔබගේ කණ්ඩායම විසින් වැළලී ගිය අකුරක් හා බැදි අක්ෂර නිර්මාණය කිරීම පිළිබඳ මගේ කෘතඥතාවය පළ කරන්නට කැමැත්තෙමි. බැඳි අකුරු පිළිබඳ කථිකාවේදී සාකච්ඡා කළ අකුරු සියල්ල ම පිළිබඳ මාගේ පෞද්ගලික අකුරු නිර්මාණයන්ට ඇතුලත් කිරීමට උත්සහ ගතිමි. එහෙත් පවතින ගැටලුව වන්නේ එකී අකුරු ලේඛනයට ගැනීම සඳහා කේතනය කළ හැකි ක්‍රමවේදයන් පිළිබඳ ද සාකච්ඡාවට ගත යුතු ය. ඔබගේ යෝජනාව මෙන් ඩ වඩා පළලින් යුක්තව, තුළ මදක් ඉස්සුනු ස්වරූපය මගේ අදහස අනුව සුදුසුයයි මම සිතමි. අකුරු සඳහා කේතනය කවරා කාර ද? Akuru

bgliyanage commented 3 years ago

සඤ්ඤක ශ සම්බන්ධයෙන් මා යෙදූ සටහන කරු. බලන්න. >> https://github.com/mooniak/abhaya-libre-font/issues/61#issuecomment-858825069

JanakaCB commented 3 years ago

අකුරු එකතුවේ Youtube නාලිකාවට එක්කර ඇති ( https://www.youtube.com/watch?v=hJLsKcfZUy4 ) අපගේ online සාකච්ඡාවේදී බර්ට්‍රම් ලියනගේ මහත්මයා විසින් සඳහන් කරන ලද පරිදි පුස්කොළ මූලාශ්‍රය හා සැස‌‌ඳෙන නිර්මාණයක් සිදුකිරීමේ අවශ්‍යතාවයට ප්‍රමුඛත්වය දෙමින් නිර්මාණය කළ ච්ච සංයෝගාක්ෂරය සඳහා යෝජිත මෙම හැඩය යෝජනාව 6 වේ.

යෝජනාව 6

Screenshot 2021-06-09 185845

pathumego commented 3 years ago

අකුරු සඳහා කේතනය කවරා කාර ද?

@ravincaldera OpenType සිංහල සම්මතය ග්‍රහණක්ෂර (fused conjuncts) සහ බන්ධක්ෂර (touching conjuncts ) කේතනය කරන්නේ දෙවිදිහකට. ඒ පිලිවෙලින් <0DCA al-lakuna, 200D ZWJ> සහ <200D ZWJ, 0DCA al-lakuna> මගින්.

Screen Shot 2021-06-11 at 9 49 01 AM

(රූපය අභය ලිබ්‍රේ රුවකුරින්)

මේ අනුව ඔබට පෙනෙනවා ඇති ඔබ ඉදිරිපත් කර ඇති රූපයේ බ touch බ සහ ච touch ච කේතනය වැරදි බව සහ පැටලීමකින් තොරව මේ දෙක වෙන් වෙනම කේතනය කල හැකි බව. සඤ්ඤක ශ ගැන මම මෙතන https://github.com/mooniak/abhaya-libre-font/issues/61#issuecomment-859248963 සටහන් කළා.

pathumego commented 3 years ago

@ravincaldera කරුණාකර මේ ගැන සාකච්ඡාවට වෙනම Issue එකක් open කරන්න හැකි ද? මෙතනට අදාළ නැහැ නේ. මම එතන පැහැදිලි කරන්නම්.

ravincaldera commented 3 years ago

@ravincaldera කරුණාකර මේ ගැන සාකච්ඡාවට වෙනම Issue එකක් open කරන්න හැකි ද? මෙතනට අදාළ නැහැ නේ. මම එතන පැහැදිලි කරන්නම්.

ඔබ කී පරිදි new Issue එකක් විවෘත කළා #66. මෙම පිටුවෙන් අනවශ්‍ය සාකච්ඡාව ඉවත් කළා. ස්තූතියි.

pathumego commented 3 years ago

@JanakaCB ගේ යෝජනාව 6 පහත පරිදි සකස් කළා.

Screen Shot 2021-06-11 at 11 44 40 AM Screen Shot 2021-06-11 at 11 43 17 AM Screen Shot 2021-06-11 at 11 44 21 AM
pathumego commented 3 years ago

යෝජනාව 6 අභය ලිබ්‍රේ රුවකුරට එක්කරන ලදි.

Screen Shot 2021-06-11 at 1 31 54 PM