mooniak / abhaya-libre-font

Abhaya Libre is a text typeface designed for trilingual communications in Sinhala, Tamil and English.
http://mooniak.com/abhaya-libre-font
SIL Open Font License 1.1
48 stars 12 forks source link

ඉස්පිලි ආදිය නිවැරදිව ටයිප් කිරීම #76

Closed RushKodi closed 1 year ago

RushKodi commented 2 years ago

මා වින්ඩෝස් 10 මෙහෙයුම් පද්ධතිය තුළ විජේසේකර යතුරු පුවරුව භාවිතා කරමි. ඇඩෝබේ ඉන්ඩිසයින් මෘදුකාංගය තුළ අභය ලිබ්රේ රුවකුර භාවිතා කිරීමේදී ඉස්පිලි, පාපිලි ආදිය නිවැරදිව ටයිප් නොවේ. එෆ්.එම්. රුවකුරු භාවිතයේදී ඉස්පිලි ආදිය සකසා ගැනීමට කීහෙල්ප් මෘදුකාංගය භාවිත කළද, එය අභය ලිබ්රේ රුවකුර සදහා සහාය නොවේ.

මේ ගැටළුව සදහා සහාය පතමි. ස්තුතියි

image

JanakaCB commented 2 years ago

ආයුබෝවන් RushKodi, ඔබේ ගැටළුව යොමුකළාට ස්තූතියි.

අභය ලිබ්රේ රුවකුර යුනිකෝඩ් සම්මතය යටතේ නිපදවා ඇති රුවකුරකි. එය පරිගණකයක භාවිතා කිරීම සඳහා කිසිඳු අමතර මෘදුකාංගයක් අවශ්‍ය නැත. එහෙත් ඒ සඳහා ඔබේ පරිගණකයේ සිංහල පහසුකම ස්ථාපනය කරගෙන තිබිය යුතුය. ඔබගේ මෙහෙයුම් පද්ධතිය, ඇඩෝබේ ඉන්ඩිසයින් මෘදුකාංගය වැනි අදාල මෘදුකාංග සියල්ල යාවත්කාලීන කර තිබිය යුතුය. එසේ යාවත්කාලීන කර ඇත්නම්:

ඇඩෝබේ ඉන්ඩිසයින් හි Preferences > Advanced Type > Default Composer යටතේ ඇති Adobe World-Ready Paragraph Composer තෝරන්න. තෝරාගැනීම Save කර ඉන්ඩිසයින් Close කර නැවත Open කරන්න.

Screenshot 2022-08-26 at 10 38 27

ඉන්පසු ඔබේ පරිගණකයේ Input Method එක ලෙස සිංහල යතුරුපුවරුව තෝරා සාමාන්‍ය පරිදි විජේසේකර යතුරු පුවරුවෙන් ටයිප් කරන්න. Settings නිසිපරිදි සකසා තිබේනම්, කිසිඳු ගැටළුවකින් තොරව සිංහල Rendering සිදුවනු ඇති අතර සියලු සිංහල පිල්ලම් නිවැරදිව දර්ශනය වනු ඇත.

Screenshot 2022-08-26 at 10 37 52
GGadash commented 1 year ago

Settings වල Type Text Engine එක default එන්නෙ East Asian. ඒක Middle East and South Asian කියලා වෙනස් කරන්න. එතකොට පුලුවන්. ඊට අමතරව ඕනෙ නම් text filed එකේ Sinhalese කියලා එකක් තෝරන්නත් පුලුවන්. ඒකෙන් මොනවද කියලා හරියටම දන්නෙ නෑ :) නිකමට කරලා බලන්න. ඒත් අර මුල් එක අනිවාර්‍යයෙන් කරන්න. Screenshot බලන්න. (ගොඩක් පරණම version වල මේවා නැති වෙන්න පුලුවන්. අවුරුදු 10ක් විතර ඉඳලා මම sinhala unicode පාවිච්චි කරලා තියනවා photoshop වල)

[image: Adobe-Sinhala-Unicode-S1.png] [image: Adobe-Sinhala-Unicode-S2.png] :)

On Thu, Aug 25, 2022 at 10:38 PM RushKodi @.***> wrote:

මා වින්ඩෝස් 10 මෙහෙයුම් පද්ධතිය තුළ විජේසේකර යතුරු පුවරුව භාවිතා කරමි. ඇඩෝබේ ඉන්ඩිසයින් මෘදුකාංගය තුළ අභය ලිබ්රේ රුවකුර භාවිතා කිරීමේදී ඉස්පිලි, පාපිලි ආදිය නිවැරදිව ටයිප් නොවේ. එෆ්.එම්. රුවකුරු භාවිතයේදී ඉස්පිලි ආදිය සකසා ගැනීමට කීහෙල්ප් මෘදුකාංගය භාවිත කළද, එය අභය ලිබ්රේ රුවකුර සදහා සහාය නොවේ.

මේ ගැටළුව සදහා සහාය පතමි. ස්තුතියි

[image: image] https://user-images.githubusercontent.com/112111726/186726294-7395586b-c484-4d45-b4dd-0d1dee9045ea.png

— Reply to this email directly, view it on GitHub https://github.com/mooniak/abhaya-libre-font/issues/76, or unsubscribe https://github.com/notifications/unsubscribe-auth/AE5K5MMWFU4W5E2337B3IMDV26R77ANCNFSM57T4CCQQ . You are receiving this because you are subscribed to this thread.Message ID: @.***>